නවක වධය ගැන රජයෙන් පැමිණිලි භාර ගනී

September 18, 2023 - 7:38 PM
නවක වධ විරෝධී ජාතික කමිටුවක් පිහිටුවීමට පියවර ගත් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසනවා. 

එම ජාතික කමිටුවට ජනාධිපතිතුමාගේ නියෝජිතයෙක්, අග්‍රාමාත්‍යතුමාගේ නියෝජිතයෙක්, මානව හිමිකම් කොමිෂන් සභාවේ නියෝජිතයෙක්, පොලිස්පතිතුමාගේ නියෝජිතයෙක්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජිතයෙක්, උපකුලපතිවරුන්ගේ සංගමයේ නියෝජිතයෙක් ඇතුළත් වනවා. 
 
පසුගිය මාස 12 ක කාලය තුළදී නවක වධ සිදුවීම් 36 ක් වාර්තා වන බවයි ඔහු සඳහන් කළේ. 
 
එමෙන්ම නවක වධ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා නව දුරකථන අංක දෙකක් ද හඳුන්වා දී තිබෙනවා. 
 
ඒ අනුව 1997 අංකයට හෝ 076 54 53 454 යන අංකයට WhatsApp කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසුවේ.
(lknews.lk)