වන අලි පහර දීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියයයි

September 08, 2024 - 2:59 PM
කල්මුණ සහ කැබිතිගොල්ලෑව පොලිස් වසම්වල දී සිදු වූ වනඅලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.

ඉන් එක් අයෙක් කල්මුණ බස් නැවතුම්පොළ පිටුපස මාර්ගයේදී සිදු වූ වනඅලි පහරදීමක් හේතුවෙන් මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එලෙස මියගොස් ඇත්තේ තිරිවල්ලුවර් මධ්‍යම ප්‍රදේශයේ පදිංචිව සිටින 68 හැවිරිදි පුද්ලයෙක්.

මේ අතර කැබිතිගොල්ලෑව, කංවුට්ටුව කනත්ත අසලදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ලයෙක්ට වනඅලියෙක් පහරදීම හේතුවෙන් ඔහු මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, මහරළපනාව, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.


(lknews)