ලොරි දෙකකින් මී ගවයින් 19ක් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

December 21, 2023 - 5:13 PM

ලොරි රථ දෙකකින් ගවයින් 19 දෙනෙකු හිංසාකාරී ලෙස ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු තණමල්විලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් තණමල්විල සිට වැලිසර දක්වා මෙම ගවයින් ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(lknews.lk)