නීතිවිරෝධී ලෙස කෘමිනාශක තොගයක් මෙරටට රැගෙන ආ දෙදෙනෙකු අත්අඩංගුවට

October 30, 2023 - 3:44 PM

නීතිවිරෝධී ලෙස කෘමිනාශක තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ සැකකරුවන් දෙදෙනෙකු කල්පිටියේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්පිටිය, කරෙයිතිව් මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රාකරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී උර 15 අසුරන ලද කෘමිනාශක තොගයක් සමග ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරුවන් වයස අවුරුදු 43 ක් හා 46 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු කාර්යාලය වෙත භාරදීමට පියවර ගත් බවයි.
(lknews.lk)