කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

April 09, 2025 - 12:50 PM
රුපියල් කෝටි 05කට අධික කේරළ ගංජා තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව, පිටිපන ලෙල්ලම ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය ප්‍රකාශ කළා.

සැකකරුවන් විසින් මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් මෙම ගංජා තොගය ප්‍රවාහනය කර ඇති අතර ලොරි රථයේ සඟවා තිබූ ගංජා කිලෝග්‍රෑම් 200ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ එම ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි පහ හමාරකට අධික බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් දුන්ගල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

(lknews.lk)