කෝටි 21ක රත්‍රං සමඟ සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි

May 16, 2025 - 10:12 AM
රුපියල් කෝටි 21ක් වටිනා රත්‍රං තොගයක් වාහන අමතර කොටස් තුළ සඟවාගෙන පැමිණි දෙදෙනෙක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්.

එම සකකරුවෙන් දෙදෙනා ඊයේ (15) උදෑසන ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් සමඟ නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්‍රං තොගය අද (16) අලුයම ගුවන්තොටුපොළ රේගු නිලධාරීන්ට භාරදී තිබෙනවා.
 
(lknews)