හෙරෝයින් සහ අයිස් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

December 24, 2024 - 2:20 PM
ගල්කිස්ස පොලිස් වසමේ වෙරළ පාර සහ සමගි මාවත යන ප්‍රදේශවලදී ඊයේ (23) හෙරෝයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 700ක් සහ අයිස් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 125ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදීයි.

පොලීසිය ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 44 සහ 24 වියේ පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.

(lknews)