මත් වී රාජකාරි කළ ග්‍රාම නිලධාරීවරු දෙදෙනෙකු අත්අඩංගුවට

January 17, 2024 - 1:58 PM
මුලතිව් පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරු දෙදෙනෙකු බීමතින් රාජකාරී කරමින් සිටියදී අද (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සිදු කළ පරීක්ෂා කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනාම අධිමාත්‍රාවලින් යුතුව හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය පානය කර ඇති බවයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 38ක් වන පුද්ගලයෙක් සහ වයස අවුරුදු 27ක් වන පුද්ගලයෙක්.

මෙම නිලධාරීන් දෙදෙනාගෙන් රාජකාරී ඉටු කරගැනීමට ගිය පිරිසක් සමඟ ග්‍රාම නිලධාරීන් දෙදෙනා රණ්ඩුවක් ඇතිකර ගත් නිසා ගම්වැසියන් ඔවුන් දෙදෙනා බීමත්ව සිටින බවට පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පොලිසිය විසින් අදාළ නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අනාවරණය වී ඇත්තේ ඔවුන් මත්ද්‍රව්‍ය පානය කර ඇති බවයි.

මෙසේ අත්අඩංගුවට ගත් ග්‍රාම නිලධාරීවරු දෙදෙනා මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පුදුකුඩිඉරුප්පු පොලිසිය පියවර ගෙන තිබෙනවා.
(lknews.lk)