යුක්‍රේන - රුසියානු යුද්ධයට වසර දෙකක්

February 22, 2024 - 5:23 PM
මේ වනවිට යුක්‍රේනයට, අමෙරිකාව ඇතුළු බටහිර රටවලින් යුද ආධාර ගලා ආවත් රුසියාවට මුදලට හෝ අවි ලබාදීමට ඉදිරිපත්වන රටවල් සංඛ්‍යාව සීමිත වී තිබෙනවා.

බටහිර රටවල් පවසන දේ ගැන කිසිදු ගරු සරුවක් නොදක්වන උතුරු කොරියානු නායක කිම් ජොං-අන් රුසියාවට මිසයිල ඇතුළු අවි සැපයීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් ජනපති පුටින් ඊට තුති පිදීමක් ලෙස රුසියාවේ නිෂ්පාදිත සුඛෝපභෝගී ලිමොසීන් රථයක් ලබාදුන් බව ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මීට අමතරව ඉරානය විසින් රුසියාවට මහා පරිමාණ වශයෙන් ඩ්‍රෝන යානා සහ අනෙකුත් අවි ආයුධ ලබාදෙන බවට ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)