ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් රාජධානිය තීරණයක් ගනී

April 06, 2024 - 3:49 PM
එක්සත් රාජධානිය විසින් සිය පුරවැසියන් සඳහා නිකුත් කර තිබූ ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය (Travel Advisory) 2024 අප්‍රේල් මස 05 වන දින සිට යාවත්කාලීන කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබෙනවා.

හදිසි වෛද්‍ය සේවාවන් ලබාගැනීම, රට තුළට ඇතුලුවීමේදි ආරක්ෂාව සම්බන්ධයෙන් පැවැතිය යුතු අවශ්‍යතා, මාර්ගවල ගමන් කිරීමෙදී පවතින ආරක්ෂාව, රට තුළ පවතින ආරක්ෂක තත්වය සහ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම ආදී අංශයන්හි පෙර පැවැති තොරතුරු යාවත්කාලීන කිරීම මෙමඟින් සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එමෙන්ම ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟය පිළිබඳව පසුගිය උපදේශනය තුළ අඩංගු කර තිබූ කරුණු යාවත්කාලීන කරන ලද මෙම සංචාරක උපදේශනයෙන් ඉවත් කර තිබෙනවා.

මෙම සංචාරක උපදේශනය මඟින් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට තවත් දිරිගැන්වීමක් සපයන බව සඳහන් වනවා.

(lknews.lk)