UPI ඉන්දීය ගෙවීම් ක්‍රමය අද සිට මෙරටට

February 12, 2024 - 2:45 PM
ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් වැඩ පිළිවෙල අද (12) කොළඹදී එළි දැක්වීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

UPI යනු ඉන්දියානු ජාතික ගෙවීමේ සංස්ථාව විසින් හඳුන්වා දී ඇති ඩිජිටල් මුල්‍ය ගෙවීමේ ක්‍රමවේදයක්.

UPI ඉන්දීය ගෙවීම් ක්‍රියාවලිය යටතේ මෙරට ලියාපදිංචි වී ඇති ඕනෑම බැංකුවක් හරහා ඕනෑම පුද්ගලයෙකුට හෝ වෙළෙඳ ආයතනයකට ගෙවීම් කටයුතු කිරීමට අවස්ථාව හිමිවෙනවා.

ඒ අනුව මෙම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(lknews.lk)