ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය අද දිවයිනට

August 19, 2024 - 1:46 PM
සාගර සහ අන්තර්ජාතික පාරිසරික සහ විද්‍යාත්මක කටයුතු පිළිබද වැඩබලන ඇමරිකානු සහකාර රාජ්‍ය  ලේකම් ජෙනිෆර් ආර්. ලිට්ල්ජෝන් අද (19) දින මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙරට සංචාරයේදී ඇය  සොබාදහම හා සංරක්ෂණ, ප්ලාස්ටික් සහ වායු දූෂණ, දේශගුණික අර්බුදය, වන විනාශය, ස්වාභාවික අපරාධ, සිවිල් සහ වාණිජ, අභ්‍යවකාශ ක්‍රියාකාරකම්, විද්‍යා, තාක්ෂණික, ඉංජිනේරු සහ ගණිත අංශය වෙනුවෙන් කාන්තාවන් සහ ගැහැනු ළමුන් ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර ආර්ථිකය පිළිබඳ සාකච්ඡා  කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

ඇය අද (19) සිට එළඹෙන 21 දක්වා මෙරට රාජ්‍ය නිලධාරීන් සහ හවුල්කරුවන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

(lknews)