චීනයට ඇමරිකාවෙන් 104%ක බදු

April 09, 2025 - 9:19 AM
චීනයට අද (09) සිට 104% ක තීරු බදු පැනවෙන බව ඇමරිකානු ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය මෙරට වේලාවෙන් අද ‍පෙරවරු 9.30 සිට එය බලාත්මක වනු ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 70 කට ආසන්න සංඛ්‍යාවක්, තීරු බදු සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ සාකච්ඡා කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව ධවල මන්දිරය පවසනවා.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කළේ වෙළෙද යුද්ධයක් හරහා කිසිවෙකුට ජයක් නොලැබෙන බවයි.

ඇමරිකාවට චීනයට අවස්ථා දෙකකදී පැනවූ සියයට 54ක තීරු බදුවලට එරෙහිව චීනයද ඇමරිකාවට 34%ක ප්‍රති තීරුබදු පැනවූවා.

ඊට විරෝධය පල කළ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවූයේ පැය 24ක් තුළ චීනය තීරුබදු ඉවත් කර නොගන්නේ නම් ඇමරිකාව චීනයට පනවන තීරුබදු 104%ක් දක්වා ඉහළ නංවන බවයි.


(lknews.lk)