යුක්‍රේන හමුදා ප්‍රධානියා ධූරයෙන් ඉවතට

February 09, 2024 - 10:48 AM
යුක්‍රේන හමුදා ප්‍රධානී ජනරාල් වැලෙරි සලුස්නි එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා.

එරට ජානාධිපති විලොද්මීර් සෙලෙන්ස්කි විසින් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

2021 වසරේ ජුනි මාසයේ සිට යුක්‍රේන හමුදා ප්‍රධානියා සහ ජනාධිපතිවරයා අතර මාස කිහිපයක සිට ප්‍රතිවාදි මත පැවතුණා.

මෙම මත ගැටුම් හේතුවෙන් හමුදා ප්‍රධානියා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු ධූරයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව එම ධූරය සඳහා යුක්‍රේන පාබල හමුදා ප්‍රධානී ඔලේක්සැන්ඩර් සිර්ස්කි පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(lknews.lk)