නව පාසල් වාරයට පෙර සිසුන්ට නිල ඇඳුම්

December 04, 2023 - 5:19 PM

2024 නව පාසල් වාරය ආරම්භට පෙර සිසු දරුවන්ට නිල ඇඳුම්, පෙළපොත් සහ තෝරාගත් පාසල් මෙන්ම පිරිවෙන් සිසුන් වෙත පාවහන් ලබාදී අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මෝදර ශාන්ත ජෝන් විද්‍යාලයේ අද (04) පැවති පාසල් පාවහන් තිළිණපත් බෙදාදීමේ නිල උත්සවය‍ට එක්වෙමින්.

එමෙන්ම ලබන 22 වැනිදා පාසල් නිවාඩුව ලබාදුන් පසු නැවත පෙබරවාරි මස 02වන දින සියලු‍ පාසල් ආරම්භ කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ඇතැම් පාර්ශව විසින් ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමේ ඉල්ලීම් සිදුකරන අතර ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට තමා යෝජනා කර ඇති බවත් එහෙත් ඒ වෙනුවෙන් ප්‍රමුඛතාව දෙන්නේ නම් පවත්නා ආර්ථික වාතාවරණය හමුවේ දරුවන් වෙනුවෙන් හඳුනාගත් ප්‍රමුඛතා ඉටුකිරීමට අසීරු වන බවත් ඔහු මෙහිදී පැවසුවා.
(lknews.lk)