2024 එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල ශ්‍රී ලංකාවේදී

October 18, 2023 - 8:52 AM
එළඹෙන 2024 වසරේ දී එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල බෞද්ධ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

කොළඹ නාරාහේන්පිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මහා සංඝ මූලස්ථානයේ දී පැවැති උත්සවයට සහභාගී වෙමින් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මේ බව සඳහන් කළා.

එසේම ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින බෞද්ධ ආගමික හා සංස්කෘතික සබඳතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා දෙරටෙහිම දූත පිරිස් හුවමාරු කර ගනිමින් වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද ඔහු කියා සිටියා.
(lknews.lk)