විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය හෙට සිට වැඩවර්ජනයකට

February 27, 2024 - 9:46 AM
විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒ, වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්.

හෙට (28) සහ අනිද්දා (29) යන දෙදින තුළ මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කලේ, සතියක කාලයක් තුළ සිය ගැටලුවට විසඳුම් ලබා දීමට බලධාරීන් පියවර නොගතහොත් ඉදිරියේ දී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.
(lknews.lk)