හන්තානේ සිරවූ වෛද්‍ය පීඨ සිසු සිසුවියන් බේරාගැනේ

December 03, 2023 - 11:51 AM

හන්තාන තරණයට ගොස් අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිස අද (03) අලුයම 04ට පමණ සාර්ථකව මුදාගෙන තිබෙනවා.

ඒ යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින්.

මුදාගැනීමෙන් අනතුරුව සිසුවියන් 03දෙනෙක් මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර අධික තෙහෙට්ටුව ඊට හේතුව බවයි පැවසෙන්නේ.

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු මෙලෙස හන්තාන කන්ද නැගීමට ගොස් තිබුණේ ඊයේ පස්වරුවේයි.

ඒ අතර සිසුන් 60 දෙනෙකු සහ සිසුවියන් 120 දෙනෙකු සිටි සිට තිබෙනවා.

අයහපත් කාලගුණ තත්ත්වය මත එම අවස්ථාවේ ඇති වූ දැඩි මීදුම සමග ඔවුන්ට යළි පැමිණීමට මාර්ගය අපහැදිළි වීම හේතුවෙනුයි මෙලෙස අතරමංව වී තිබුණේ.
(lknews.lk)