අද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩ වර්ජනයක්

November 02, 2023 - 11:21 AM

දිවයින පුරා විශ්වවිද්‍යාලවල අද (02) වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

බදු ගැටලු හා විශ්ව විද්‍යාලවලට ලබාදෙන ප්‍රතිපාදන කප්පාදු කිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුදෙනා වැඩවර්ජනයට එක්වීමට නියමිතයි.
(lknews.lk)