උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
January 12, 2025 - 11:30 AM
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර නාය යාමක් සිදුවී තිබෙනවා.
මේ හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ දුම්රිය කාර්ය මණ්ඩලය යොදවා අදාළ ස්ථානයේ පස් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
මේ හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත දුම්රිය ප්‍රමාද කිරීමට සිදුවී තිබෙනවා.
ඒ අනුව අමාත්‍යාංශය සඳහන් කළේ හැකි ඉක්මනින් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි.
(lknews)