උඩරට එළවළු මිල පහළට

March 18, 2024 - 11:20 AM
උඩරට එළවළු මිල මේ වන විට සැළකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබෙනවා.

ඊයේ (17) කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් මිල සටහන් වූයේ රුපියල් 280ක් ලෙසයි.

එමෙන්ම බෝංචි කිලෝවක් රුපියල් 150කටත්, ලීක්ස් කිලෝවක් රුපියල් 180කටත්, තක්කාලි කිලෝවක් රුපියල් 250ක් ලෙස අලෙවි වී තිබෙනවා.

මේ හේතුවෙන් එළවළු නිෂ්පාදන වියදම පියවා ගැනීමේ දුෂ්කරතාවට ද මුහුණ දීමට සිදුවන බව ගොවීන් පැවසුවා.
(lknews.lk)