ලෙබනනයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
October 17, 2023 - 7:29 PM
දකුණුදිග ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව තමන්ගේ නම සහ දුරකථන අංක හැකි ඉක්මණින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතට දැනුම්දෙන ලෙසයි තානාපති කාර්යාලය දැනුම්දී ඇත්තේ.
අදාළ තොරතුරු,
070386754 – පළමු ලේකම් සනත් බාලසූරිය
071960810 – පරිවාරක නිලධාරී ප්‍රියන්ත දසනායක
විද්‍යුත් ලිපිනය – slemb.beirut@mfa.gov.lk
වෙත ලබාදිය හැකියි.
ලෙබනන්හි තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය පහතින්...
(lknews.lk)