සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම්

January 14, 2025 - 7:10 PM
සෞඛ්‍ය වෘත්තිකයන්ට බලපා ඇති ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ සෞඛ්‍ය වෘත්තීය සමිති සමඟ අද (14) පැවති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සේවකයන්ගේ වෘත්තීය පහසුකම් සහ රාජකාරි වටපිටාව පහසු පරිදි සකසාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණක් වන බවයි.

(lknews.lk)