VAT සහතිකය ප්‍රදර්ශනය අනිවාර්යය කෙරේ

January 30, 2024 - 4:50 PM
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපාර ආයතන වලට නිකුත් කර ඇති VAT ලියාපදිංචි සහතිකය ව්‍යාපාර ආයතනය තුළ ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය කර තිබෙනවා.

මෙම සහතිකය පැහැදිලිව පෙනෙන සේ ප්‍රදර්ශනය කළ යුතු වීම විශේෂත්වයක්.

එමෙන්ම යම් ආයතනයක ප්‍රාදේශීය ශාඛාවලද එම සහතිකයේ ඡායා පිටපතක් ප්‍රදර්ශනය කළ යුතු බව සඳහන්.

ඒ අනුව සෑම නිෂ්පාදකයෙකුම, ආනයනකරුවෙකුම, සේවා සපයන්නෙකු සහ ටෙන්ඩර් ගිවිසුම් යටතේ භාණ්ඩ සැපයීම සිදුකරන්නන් සිය ලියාපදිංචි අංකය සැපයුම් ලදුපතේ පැහැදිලිව පෙනෙන සේ ඉදිරිපත් කළ යුතු වනවා.
(lknews.lk)