වැට් බද්ද මත්පැන්වල මිලත් වෙනස් කරයි

December 29, 2023 - 9:57 AM
වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ ලබන මාසයේ සිට මත්පැන්වලද මිල ඉහළ යනු ඇති බව ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ එරන්ද කොඩිතුවක්කු මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ලබන මස 1 වනදා සිට උද්ධමනයට සාපේක්ෂව සුරාබදු සංශෝධනයක් ද සිදුකිරීමට නියමිත බවයි.

ලබන මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන නව බදු සංශෝධනයට අනුව භාණ්ඩ හා සේවා රැසක් සදහා 18% ක වැට් බද්ද පැනවෙනවා.

එල්.පී. ගෑස්, පෙට්‍රල්, ඩීසල්, සූර්ය පැනල, ගෘහස්ථ සූර්යබල පද්ධති, වෛද්‍ය තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර, ජංගම දුරකථන, සහ රසායනික පොහොර ඇතුලු‍ භාණ්ඩ වර්ග 95 ක් අලු‍තින් වැට් පැනවෙන භාණ්ඩ අතරට අයත්.

කෙසේ වෙතත් ඩීසල්, පෙට්‍රල්, ගෑස් ඇතුලු‍ ජන ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයකට පනවා ඇති වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බද්ද ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශයේ අවදානය යොමු වී තිබෙනවා.
(lknews.lk)