ඉන්ධන සහ ගෑස් සඳහා සඳහා VAT බද්ද ක්‍රියාත්මක කිරීමේදී සහනයක්

December 28, 2023 - 5:36 PM
ලබන ජනවාරි 01 වනදා සිට ඉන්ධන සහ ගෑස් සඳහා VAT බද්ද ක්‍රියාත්මක කිරීමේදී වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය පවසනවා.

ඒ අනුව ඇය සඳහන් කළේ, ඉන්ධන සඳහා වූ 18% ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී 7.5% ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් වන බවයි.

එසේම ගෑස් සඳහා ද 18% ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් 2.5% ක් වූ වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත්වන බවයි තනුජා පෙරේරා මහත්මිය පැවසූවේ.
(lknews.lk)