VIDEO | බණ්ඩාරවෙල නගරයෙන් කොටසක් ජලයෙන් යටවෙයි

October 15, 2023 - 4:04 PM
පවතින අධික වැසි හේතුවෙන් බණ්ඩාරවෙල නගරයේ කොටසක් ජලයෙන් යට ව තිබෙනවා.

මේ හේතුවෙන් නගරයේ ගමනාගමන කටයුතු වලට ද දැඩි බලපෑම් එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ .

ඒ අනුව කුඩා ප්‍රමාණයේ වාහන නගරය හරහා ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

නගරයේ ජලය බැස යාමේ පද්ධතිය ක්‍රමවත්ව නොතිබීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබෙන බවයි ජනතාව චෝදනා කරන්නේ.
(lknewws.lk)