කල් ඉකුත්වන විදේශ ගමන් බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ නොකරයි

July 09, 2024 - 12:10 PM
ජූලි (01) වනදායින් පසු කල් ඉකුත්වන විදේශ ගමන් බලපත්‍රවල වලංගු කාලය කලින් ප්‍රකාශ කළ පරිදි වසරකින් දීර්ඝ නොකරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයෙන් (ICAO) පැහැදිලි කිරීමකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් කල් ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍ර සඳහා සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බවයි.

(lknews)