වෑන් රථයක් අඩි 70ක ප්‍රපාතයකට පෙරළෙයි

July 10, 2025 - 6:29 PM
නානුඔය වටරවුම් මාර්ගයේ ඩෙස්පෝඩ් වත්ත ප්‍රදේශයේදී අද (10) අලුයම වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ වූ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ සංචාරයක් සඳහා මාතර සිට නුවරඑළිය දක්වා ගිය තරුණයින් පිරිසක් රැගත් වෑන් රථයක් බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් එහි ගමන් ගත් තරුණයින් 08දෙනෙක් බරපතල තුවාල ලැබූ පිරිස ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගත කිරිමට පියවර ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අදාළ වෑන් රථයේ රියදුරාට නින්ද යෑමෙන් අනතුර සිදු වී ඇති අතර අනතුර හේතුවෙන් වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි.

(lknews.lk)