වනිඳු නැවතත් ශ්‍රී ලංකා නාමය ලොවට ගෙනියයි

June 26, 2024 - 4:16 PM
ICC T20 පන්දු යවන්නන්ගේ, පිතිකරුවන්ගේ සහ තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් ICCය විසින් අද (26) නිකුත් කළා.

ඒ අනුව T20 තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 2වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීම්වල 2වන ස්ථානයේ ඇෆ්ගනිස්ථානයේ Mohammad Nabi සහ 3වන ස්ථානයේ ඉන්දියාවේ Hardik Pandya රැඳී සිටිනවා.

T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 3වන ස්ථානයේ සිටි වනිඳුට නව ශ්‍රේණිගත කිරීම්වලද එම ස්ථානයම හිමිව තිබෙනවා.

මේ වන විට T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ එංගලන්ත කණ්ඩායමේ Adil Rashid සහ 2වන ස්ථානය ඇෆ්ගනිස්ථානයේ Rashid Khan රැඳී සිටිනවා.  

නවතම T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 20වන ස්ථානයේ සිට 21වන ස්ථානය දක්වා පසුබසින්නට ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස්ට සිදු වී තිබෙනවා.

T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිව තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ Travis Headහටයි.

(lknews)