වනිඳු තවත් පහළට වැටෙයි

June 12, 2024 - 4:00 PM
ICC T20 තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අද (12) ICC ය විසින් නිකුත් කළා.

එහිදී T20 තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්හි 2වන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග 3වන ස්ථානයට පත්ව තිබෙන්නේ එක් ස්ථානයක් පසු බසිමින්.  

එමෙන්ම මීට පෙර මෙම ශ්‍රේණිගත කිරීම්වල 12වන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාවේ දසුන් ශානක නවතම ශ්‍රේණිගත කිරීම්හි 15වන ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා.

මේ වන විට ICC T20 තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ ඇෆ්ගනිස්ථානයේ Mohammad Nabi සහ දෙවන ස්ථානයේ ඕස්ට්‍රේලියාවේ Marcus Stoinis පත්ව සිටිනවා.
 
(lknews)