පාකිස්තාන සුපර්ලීග් තරගාවලියට වනිඳු තෝරා ගනී

December 18, 2023 - 12:26 PM
ලබන වසරේ පැවැත්වීමට නියමිත පාකිස්තාන සුපර්ලීග් තරගාවලිය (PSL) සඳහා ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පමණක් තෝරාගෙන ඇති බව වාර්තා වනවා.

ඒ ඔහු ක්‍රීඩක කෙටුම්පත් කිරීමට පෙර ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වීම හේතුවෙන්.

පාකිස්තාන සුපර් ලීග් ක්‍රීඩක කෙටුම්පත් කිරීම ලාහෝරයේදී සිදු කෙරුණා.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් රැසක් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමට ලියාපදිංචි වී සිටිය ද කිසිඳු ක්‍රීඩකයෙකු ඊට තෝරාගෙන නැහැ.
(lknews.lk)