වනිඳු නැවතත් පළමු තැන අතට ගනියි

July 10, 2024 - 3:25 PM
T20 පන්දු යවන්නන්ගේ, පිතිකරුවන්ගේ සහ තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් ICCය අද (10) නිවේදනය කළා.

ඒ අනුව පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල මුල් පස්දෙනා අතර කිසිඳු වෙනසක් සිදු වී නොමැති අතර එහි පළමු ස්ථානයේ ඕස්ට්‍රේලියාවේ Travis Head දෙවන ස්ථානයේ Suryakumar Yadav සහ තෙවන ස්ථානයේ Phil Salt රැඳී සිටිනවා.

එමෙන්ම පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලද මුල් පස් දෙනා අතර වෙනසක් සිදු වී නොමැති අතර එහි 11වන ස්ථානයේ සිට 9වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මහීෂ් තීක්ෂණ සමත් වී තිබෙනවා.

එහි පළමු ස්ථානයේ එංගලන්තයේ Adil Rashid රැඳී සිටින අතර එහි දෙවන ස්ථානයේ දකුණු අප්‍රිකාවේ Anrich Nortje රැඳී සිටිනවා.

ICC T20 තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල වනිඳු හසරංග සමඟ පළමු ස්ථානයේ සමතැන් ගෙන සිටි ඉන්දියාවේ
Hardik Pandya එක් ස්ථානයක් පසුබසිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ අනුව T20 ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංගට හැකිවුණා.

(lknews)