එළවළු මිල ඉහළට

January 05, 2024 - 1:20 PM
එළවළු මිල අද (05) දවසේත් ඉතා සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දඹුල්ල ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ අද දවසේ එළවළු මිල සටහන් වූයේ පහත පරිදියි.

බෝංචි 1kg මිල සටහන් වූයේ රුපියල් 450 - 500ත් අතර මුදලකට වන අතර ගෝවා 1kgක මිල සටහන් වූයේ රුපියල් 350 - 400ත් අතර අගයකයි.

එමෙන් ම කැරට් 1kgක මිල රුපියල් 600 - 650ත් අතර අගයක සටහන් වූ අතර ලීක්ස් 1kgක මිල සටහන් වූයේ රුපියල් 260 - 270 අතර ප්‍රමාණයකයි.

තක්කාලි 1kgක් රුපියල් 400 - 420ත් අතර මුදලකට අළෙවි වූ අතර අමු මිරිස් මිල සටහන් වූයේ 1200 - 1250 අතර ප්‍රමාණයකටයි.

බීට් 1kgක අළෙවි වූයේ රුපියල් 600 - 620 අතර මුදලකටයි.

එමෙන් ම මෑකරල් 1kgක මිල රුපියල් 299 - 220ත් අතර මුදලකට අළෙවිවන අතර වම්බටුවල මිල සටහන් වූයේ 480 - 510 අතර ප්‍රමාණයකටයි.
(lknews.lk)