එළවළු මිල පහළට

February 17, 2024 - 10:38 PM
පෑලියගොඩ නව මැනිං වෙළඳපොලේ එළවළු සඳහා වෙනදාට වඩා සාපේක්ෂව අඩු මිලක් අද වාර්තා වී තිබුණා.

එහි දී මිල සටහන්ව තිබුණේ, කැරට් කිලෝවක් රු.500ක්, බෝංචි කිලෝවක් රු.550ක්, අමු මිරිස් කිලෝවක් රු.700ක්, වම්බටු කිලෝවක් රු.200ක්, තක්කාලි සහ ගම්මිරිස් කිලෝවක් රු.800ක් ලෙසයි.

එමෙන්ම අනෙකුත් එළවළු වර්ග ද අඩු මිලක් වාර්තා කර තිබුණා.
(lknews.lk)