දඹුල්ලේ එළවළු මිල තවදුරටත් ඉහළ අගයක

January 08, 2024 - 9:42 AM
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (07) එළවළු මිල තවදුරටත් ඉහළ ගොස් තිබුණා.

කැරට් කිලෝවක තොග මිල රුපියල් 600ක් ලෙස දැක්වුණු අතර, බෝංචි කිලෝවක් අලෙවි වී ඇත්තේ රුපියල් 450ත් 500ත් අතර මිලකටයි.

තක්කාලි කිලෝවක් රුපියල් 400ක තොග මිලකට අලෙවි වී තිබෙනවා.

කෙසේ වෙතත් ඉදිරි සති හයක කාලය තුළ අලෙවි කර ගැනීමට නොහැකි තරම් විශාල එළවළු ප්‍රමාණයක් වෙළඳපොලට ලැබෙනු ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගිය සතියේ ප්‍රකාශ කළා.

මාස කිහිපයක සිට දිවයින පුරා පැවති අධික වර්ෂාවත් සමග වගාවන්ට සිදුවූ හානි හේතුවෙන් වෙළඳපොලට ලැබුණු අස්වැන්නේ අඩුවීමක් දක්නට ලැබුණා.

මේ හේතුවෙන් මිල සීග්‍රයෙන් ඉහළ ගිය අතර, අස්වනු ලැබීමත් සමග මිල අඩුවිය හැකි බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
(lknews.lk)