වාහන ආනයනයට අගෝස්තු මාසයේදී අවසර

July 29, 2024 - 10:22 AM
එළඹෙන අගෝස්තු මාසයේදී වාහන ආනයනයට අවසර ලබා දීම සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව  අමාත්‍යවරයා සඳහන් කළේ මූලික අදියර යටතේ ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනයට අවසර ලබා දෙන බවයි.

එමෙන්ම පෞද්ගලික වාහන පරිභෝජනය සඳහා ආනයනය කිරීමට බලාපොරොත්තු වන්නේ 2025 පළමු කාර්තුවේ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

(lknews)