වාහන මිල 60%කින් පහළට

July 27, 2024 - 3:43 PM
මුදල් අමාත්‍යංශය නිවේදනය කරන්නේ වාහන ආනයනය මත පනවා තිබු ආනයන සීමා ඉදිරි මාස කිහිපය තුළදී ලිහිල් කිරීම සිදු වනු ඇති බවයි.

පසුගිය වසරවල පැවැති විදේශ විනිමය හිඟය මත වාහන ආනයනය තහනම් කෙරුණත් එය ක්‍රමිකව ලිහිල් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

මෙම ආනයන සීමා ඉවත් කිරීමට රජයට හැකියාව ලැබී තිබෙන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ මත රාජ්‍ය ආදායම් සහ විදේශ විනිමය වර්ධනය වීම සහ රජය අපේක්ෂා කළ ඉලක්කයන් සපුරාලීමට සමත් වීම හේතුවෙන්.

එම ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් සඳහන් කරන්නේ  අසීමිතව ඉහළ ගිය වාහන මිල, වාහන ආනයනය කිරීමත් සමඟ 60%ක පමණ විශාල ප්‍රමාණයකින් පහළ බසිනු ඇති බවයි.
(lknews)