වැල්ලවාය – හදපානාගල මාර්ගයේ ගමනාගමනයට බාධා

January 09, 2024 - 6:32 PM

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග වැල්ලවාය හදපානාගල ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ජලාශය වාන් දැමීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ නිසා වැල්ලවාය හදපානාගල මාර්ගය හදපානාගල ජලාශය ආශ්‍රිත ප්‍රදේශයෙන් යටවී ඇති අතර මාර්ගයේ ගමනාගමනයට බධා එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ.

ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග පුබුදුවැවගම, මහා ආරගම සහ හදපානාගල ජනතාව විමසිලිමත් වීම වැදගත් බවයි මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ.
(lknews.lk)