කොකේන් සමඟ වෙනිසියුලානු ජාතිකයෙක් අත්අඩංගුවට

March 23, 2024 - 4:31 PM
කොකේන් මත්ද්‍රව්‍ය සඟවාගෙන ශ්‍රී ලංකාවට පැමිණි වෙනිසියුලානු ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

41 හැවිරිදි වෙනිසියුලානු ජාතිකයා බ්‍රසීලයේ සිට ඩුබායි හරහා අද උදෑසන මෙරටට පැමිණි බවයි රේගු මාධ්‍ය ප්‍රකාශිකා සීවලී අරුක්ගොඩ මහත්මිය පැවසුවේ.

ඔහුගේ සිරුර ස්කෑන් කිරීමේදී කොකේන් තොගය සඟවා තිබෙනු නිරීක්ෂණය වී තිබෙනවා.

ඔහු ළඟ තිබී ග්‍රෑම් 132ක් බරැති මත්පෙති කරල් 12ක් සොයාගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරිය සඳහන් කළේ.
(lknews.lk)