පේරාදෙණිය විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක් පත් කරයි

July 19, 2024 - 12:28 PM
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය සඳහා මහාචාර්ය ඩබ්ලිව්. එම්. ටී. මධුජිත් පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

වසර තුනක (03) කාලයක් සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

මෙම පත්වීම 2024 අගෝස්තු 01 වනදා සිට බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

(lknews)