විහාර මහා දේවී යළි කොළඹ නගර සභාවට පවරා ගනී

November 21, 2023 - 11:13 AM
විහාර මහා දේවී උද්‍යානය නැවත කොළඹ මහා නගර සභාවට පවරාදීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින්.

විහාර මහා දේවී උද්‍යානය 2011 සැප්තැම්බර් මස 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන තිබුණා.

එහි සිදුකිරීමට සැලසුම්කර තිබූ සංවර්ධන කටයුතු සඳහා මෙසේ පවරා ගත් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ කටයුතුවලින් අනතුරුව යළි කොළඹ මහා නගර සභාවට උද්‍යානය ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
(lknews.lk)