ග්‍රාම නිලධාරි විභාගය දෙසැම්බර් මුල් සතියේ

November 08, 2023 - 8:03 PM

ග්‍රාම නිලධාරි පුරප්පාඩු පිරවීම සඳහා වන විභාගය, 2023 දෙසැම්බර් මුල් සතියේ පවත්වන බවට, විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ යැයි, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

 අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මේ වසරේ ජූනි 30 වනදා වනවිට මෙරට ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2763 ක් තිබු බවයි.

2021.03.31 දින වනවිට පැවති ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් විභාගය පැවැත්වීමටත්, දැනට රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් අන්තර්ග්‍රහණය මගින් ඉතිරි පුරප්පාඩු පිරවීමටත්, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව ද මෙහිදී පවසා සිටියා.

අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින්, 2023 දෙසැම්බර් මාසයේදී විභාගය පැවැත්වීමට නියමිතව ඇති බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ
(lknews.lk)