ග්‍රාම නිලධාරී වර්ජනය තවදුරටත්

August 12, 2024 - 8:01 PM
ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය අද (12) දින ආරම්භ කළ වැඩ වර්ජනය හෙට (13) දිනයේත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ග්‍රාම නිලධාරී සහ පරිපාලන ග්‍රාම නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සංගම් සන්ධානයේ කැඳවුම්කරු ජගත් චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ රාජ්‍ය පරිපාලන  අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ අද පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

(lknews)