ග්‍රාම නිලධාරීන් අරඹන විරෝධතාව

August 11, 2024 - 1:05 PM
ග්‍රාම නිලධාරීන් හෙට සිට විරෝධතා සතියක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔවුන් අගෝස්තු 12 සහ 13 යන දිනවල සේවයෙන් ඉවත් වන බවයි සඳහන් වන්නේ.

ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළා.