විශ්ව බුද්ධ CID අත්අඩංගුවට

January 21, 2024 - 2:19 PM
'විශ්ව බුද්ධ' යැයි පවසමින් බුදු දහම හෑල්ලු වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ චීවරධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (21) උදෑසන කලගෙඩිහේන ප්‍රදේශයේදීයි.

පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් එම චීවරධාරියා අද ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

බුදු දහමට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රත්නපුරයේ 'විශ්ව බුද්ධ මුනි' නමැති අය පසුගිය ජනවාරි 09 වැනිදා රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කර සිටියා.

එයට අදාළ නඩුව නැවත මාර්තු මස 27 වනදා කැඳවන ලෙස නියෝග කර තිබියදී මෙලෙස බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කිරීමේ චෝදනා ‍යටතේයි යළි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
(lknews.lk)