විශ්ව බුද්ධ යළි අත්අඩංගුවට

February 02, 2024 - 4:37 PM
ගගොඩවිල මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව පෙබරවාරි 16 වනදා දක්වා විශ්ව බුද්ධ නමින් පෙනී සිටි පුද්ගලයා යළිත් බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හේතු වුයේ, සමාජ මාධ්‍ය තුළ විශ්ව බුද්ධ යන නමින් පෙනී සිට බුදු දහමට අපහාස කිරීමේ චෝදනාව යටතේයි.

එමෙන්ම අධිකරණයෙන් මොහුට ඇප ලබා දීමට නියෝග කර තිබුණද නැවතත් බුදු දහමට අපහාස කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
(lknews.lk)