උසස් පෙළ අවසන් සිසුන්ට වෘත්තීය පුහුණුව

February 25, 2024 - 4:04 PM
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂා මාර්ගෝපදේශනය නොමිලයේ හැදෑරීමට ලබන මස 5 වනදා සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එමෙන්ම තමන් කැමති වෘත්තීය විෂයක් නොමිලයේ හැදෑරීමට ද හැකියාව පවතිනවා.

ඒ අනුව දිවයිනපුරා මධ්‍යස්ථාන 300ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාවට නැංවෙන බවයි සඳහන් වන්නේ.
(lknews)