වෘත්තීය පුහුණු වැඩසටහන අදින් ආරම්භ වෙයි

March 05, 2024 - 10:30 AM
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩසටහන අද (05) සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවා.

මේ සඳහා ලියාපදිංචි වූ සිසුන් පස්වරු 02ට අදාළ මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය පවසා තිබෙනවා.

ඒ අනුව මෙම පුහුණු වැඩසටහන දිවයින පුරා මධ්‍යස්ථාන 300ක් යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)