හුංගම නිවසකට රු.75,000ක වතුර බිලක්

February 15, 2024 - 1:52 PM
හුංගම ප්‍රදේශයෙන් ජල ඒකක 4ක් වැනි ප්‍රමාණයක් සඳහා රුපියල් 75,000ක ජල බිලක් පැමිණි බව වාර්තා වෙනවා.

නිවැසියන් සඳහන් කර සිටියේ මීට පෙරදීත් රුපියල් දහසකට ආසන්න ජල බිලක් ඔවුන් වෙත පැමිණි බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව දැනටමත් හුංගම හාතගල ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නඩත්තු කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
(LKNEWS)